තරුෂි කරුණාරත්නගේ ධාවන කට්ටලය ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ

ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරී තරුෂි කරුණාරත්නගේ ඔලිම්පික් ධාවන පථ කට්ටලය ස්විට්සර්ලන්තයේ ලෝසාන් නුවර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
19 හැවිරිදි ශ්‍රී ලංකා ජවන හා පිටිය මලල ක්‍රීඩිකාව මේ සඳහා දැනට පැවැත්වෙන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී භාවිතා කරන ලද ඇගේ එක් තරඟ කට්ටලයක් පරිත්‍යාග කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පැවසුවේ කරුණාරත්න ඇයගේ තරඟ කට්ටලයක් ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) පරිත්‍යාග කළ බවයි.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වැඩිදුරටත් පැවසුවේ මෙම අත්සන සහිත කට්ටලය ක්‍රීඩා ගම්මානයේ පිහිටි IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශන හා වැඩසටහන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඈන් ජැකාර්ඩ් මහත්මිය වෙත පිරිනැමූ බවයි.
මෙම අභිනය අගයමින් IOC සභාපතිවරයාගේ අත්සනින් යුත් සහතිකයක් තරුෂිට ලැබෙනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වට ඉදිරිපත් වූ නමුත් ඇයගේ ගමන නිමා වූයේ Repechage වටයේ Heat 4 හි 7 වැනි ස්ථානයට පත්වීමෙන් පසුවය.
2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ලාබාලතම ක්‍රීඩිකාව වන තරුෂි කරුණාරත්න රෙපෙචේජ් වටයේදී විනාඩි 2:06.66 ක කාලයක් වාර්තා කළාය. (පුවත්පත්)

Related posts

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්

“Welcome back MJ” මුම්බායි ඉන්දියන්ස් වෙතින් නිවේදනයක්

පකිස්තානය බාබර් අසාම් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙකු ඉවත් කරයි