ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා සහ ප්‍රංශ රජයන් අතර ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජය පවසන පරිදි යෝජිත මධ්‍යස්ථානය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කිරීමටත් ඊට අවශ්‍ය සහය සහ යටිතල පහසුකම් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් ලබා ගැනීමටත් යෝජනා වී ඇත.
විවිධ මුලපිරීම් සමඟ කලාපය පුරා පොදු අධ්‍යයනය තුළින් ලබාගත් දැනුම සහ ක්‍රියාවන් බෙදා හැරීමට හැකිවන පරිදි ‘සාගරික අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය’ පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව වඩාත් සුදුසු ස්ථානය ලෙස ප්‍රංශ රජය විසින් ශ්‍රී ලංකාව හඳුනා ගැනීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත. සමුද්‍ර ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර රටවල සංගමයේ සාමාජිකයෙකු ලෙස ගෙන ඇත.
එමගින්, යෝජිත ‘සාගරික අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය’ පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා සහ ප්‍රංශ රජයන් අතර ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීමට ආරක්ෂක අමාත්‍යවරයකු වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ‘. (පුවත්පත්)