ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයාගේ ඥාතියෙකු විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත අද මුදල් බැදුම්කරය තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඉරිදා ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.