ජනපතිවරණය : රනිල් වික්‍රමසිංහ නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍රවලට කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී අත්සන් තබා තිබේ.

ජුලි මාසයේදී ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා විසින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් බැඳුම්කර තැන්පත් කළේය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට 11.00 දක්වා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදු කෙරේ.
ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වේ.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.