2024 ජනාධිපතිවරණයට අදාළව ජාතික මැතිවරණ කොමිෂන් සභාව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයන් ප්‍රකාශයට පත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනවල සිදුකරන බවයි.
මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූවන් සඳහා අමතර දින ලෙස සැප්තැම්බර් 11 සහ 12 දින වෙන් කර ඇත.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කෙරේ.
ඊයේ සවස් වන විට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයින් 36 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණි. (පුවත්පත්)