2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් තම ප්රචාරක කටයුතුවලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් වළකින ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීමක් සහ 2017 සැප්තැම්බර් මාසයේදී හඳුන්වා දුන් තහනම සලකා බලා මෙම ඉල්ලීම කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුවයි.
මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු නාමයෝජනා භාරදී ඇත. (පුවත්පත්)