අපරික්ෂාකාරී රිය ධාවනය, ත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙකු මරුට.

දිවුලපිටිය – මීගමුව මාර්ගයේ දුනුගහ හන්දිය ප්‍රදේශයේ අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් පාලනය කරගත නොහැකිව ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් සියලු දෙනාම මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 30, 38 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය සඳහන් කළේ. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.