ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස විනිසුරු සෝභිත රාජකරුණා මහතා පත් කර තිබේ.
ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.
වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විදේශගතව සිටින අතරතුර මෙම කාර්ය භාරය ඉටු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස රාජකරුණා මහතා පත් කර ඇත. කරුණාරත්න මහතා නැවත පැමිණෙන තෙක් විනිසුරු රාජකරුණා මහතා එම ධුරයේ කටයුතු කරනු ඇත.