ජනාධිපතිවරණය : මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්ථාවරය හෙළි කරයි

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට සහය නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. 
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට මාධ්‍ය, ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයින් සිදුකරන ඇතැම් ප්‍රකාශ අසත්‍ය බවයි. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය අධිකරණයේ සාකච්ඡා කරමින් පවතින බවත් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රීලනිප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයාට තීරණ ගැනීමේ බලතල පැවරී ඇති බවත්, එමගින් අනෙකුත් පක්ෂ නියෝජිතයින් විසින් තීරණ ගැනීම සහ පත්කිරීම් වලංගු නොවන බවත් සඳහන් කරයි. 
එළැඹෙන ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෑතක දී ප්‍රකාශ කිරීමත් සමඟයි ඔහු මෙම අදහස් පළ කළේ. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්