දිස්ත්‍රික්ක 09 කට අධික වර්ෂාපතනයක් සඳහා කාලගුණ නිවේදනය නිකුත් කෙරේ

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පස්වරු 05.45 සිට ඉදිරි පැය 12 සඳහා කාලගුණ උපදේශනය ක්‍රියාත්මක වන බවයි. 
කාලගුණ උපදේශනයට අනුව, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
එබැවින් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. (පුවත්පත්)

Related posts

කාලගුණය : ප්‍රදේශ කිහිපයක වැසි, තද සුළං

අයහපත් කාලගුණය : ජනපතිගෙන් අමාත්‍යාංශ දෙකකට උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමූ පාසල් පිළිබඳ යාවත්කාලීන කිරීම