තහනම් උත්තේජක උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගි වීම අත්හිටුවා ඇති බවයි.අත්හිටුවීම වහාම ක්‍රියාත්මක වන අතර නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනු ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් පවත්වන ලද මෙම පරීක්ෂණය, ක්‍රීඩාවේ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා SLC හි අඛණ්ඩ කැපවීමේ කොටසකි.ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සහ ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම මුලපිරීම, ක්‍රිකට් තහනම් ද්‍රව්‍යවල බලපෑමෙන් නිදහස්ව පවතින බව සහතික කිරීම අරමුණු කර ගෙන ඇත.
SLC, ක්‍රීඩා අමාත්‍යාංශය සහ SLADA සමඟ එක්ව, තහනම් උත්තේජක විරෝධී උල්ලංඝනයන්ගෙන් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා අහඹු ලෙස දේශීය තරඟාවලි අතරතුර මෙම පරීක්ෂණ පවත්වයි.පිරිසිදු හා සාධාරණ ක්‍රීඩාවක් සඳහා වූ කැපවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතිශයින් වැදගත් වන අතර, උල්ලංඝනය කිරීම් පිළිබඳ ඕනෑම චෝදනාවක් ඉහළම මට්ටමින් බැරෑරුම් ලෙස සලකන බව එම නිවේදනයේ දැක්වේ. (පුවත්පත්)