පොලිස් වෙඩි පහරින් අලියෙකු මරුට.

බකමූණ – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බකමූණ දමනයාය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් වන අලියෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මාධ්‍ය වාර්තාවලට අනුව බකමූණ ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් පැවසුවේ වෙඩි තැබීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් අලියා මියගොස් ඇති බවයි. මෙම වන අලියා වයස අවුරුදු 38ක් පමණ වන බවත්, ‘රාජා’ ලෙස හඳුනාගෙන ඇති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.ආහාර සොයමින් සිටි නිවසක් ආසන්නයේ සිටි අලියා අලි හකු බෝම්බ යොදා පළවා හැරීමෙන් අනතුරුව බකමූණ – දඹුල්ල ප්‍රධාන මාර්ගයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

රාත්‍රී කාලයේ ත්‍රිරෝද රථයකින් මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු අලියා පහර දීමට උත්සාහ කළ බව කියන අලියාට වෙඩි තබා ඇත. කන ප්‍රදේශයට තුවාල සිදුවී ඇති අලියා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වූ අතර ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ වන අලියා ප්‍රදේශයට විශාල තර්ජනයක් වී නොමැති බවයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.