හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන බලවේගය සමගි ජන සන්ධානයට එක්වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් SJB කියා සිටියේ පක්ෂයට සම්බන්ධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වේදිකාවල මේ වන විට අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා SJB හි නව සන්ධානයට එක් වූ බවට පළවන වාර්තා එවැනි එක් අවස්ථාවක් බව SJB පවසයි.
සමගි ජන සන්ධානයට හිටපු ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳ ගැනීමට හෝ ඔහු සමඟ සන්ධානගත වීමට හේතුවක් නැතැයි එම පක්ෂය පවසයි.
සමගි ජන සන්ධාන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට බලපෑම් කිරීමේ අරමුණින් රජයට සම්බන්ධ පිරිසක් මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට SJB චෝදනා කළා.