ශ්‍රීපුර – ගැමුණුපුර ප්‍රදේශයේ පිල්ලයාර් හන්දියේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු මෙම පුද්ගලයාට වෙඩි තබා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව ය.
සැකකරු වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රීපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මියගිය පුද්ගලයා ශ්‍රීපුර – කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ. (පුවත්පත්)