ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී සහාය පළ කළේය.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී හිටපු අමාත්‍ය සහ හිටපු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මවුලානා මන්ත්‍රීවරයා දිවුරුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ජනාධිපතිවරයාට සහය පළ කළද, මේ මස මුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි සහිතව සහය දෙන බව ප්‍රකාශ කළේය. (පුවත්පත්)