ජාතික ජන බලවේගයේ (NPP) ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17දා) පස්වරුවේ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් හමුවිය.
මෙම හමුවේදී අගරදගුරු හිමිපාණන්, කොළඹ සහකාර රදගුරු මැක්ස්වෙල් සිල්වා, ඇන්තනි පියතුමා සහ සිරිල් ගාමිණී පියතුමා සමඟ විවිධ කරුණු පිළිබඳව දිසානායක මහතා සමඟ සාකච්ඡා කළ අතර ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ආශිර්වාද පළ කළහ.
ජාතික ජන පෙරමුණේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද මෙම රැස්වීමට සහභාගී විය. (NewsWire)