සේවක ඝාතනය සම්බන්ධයෙන් වැල්ලවත්ත වෙළෙඳසලේ හිමිකරු අත්අඩංගුවට.

වැල්ලවත්ත පොලිස් වසමේ ඕචර්ඩ් සාප්පු සංකීර්ණය අසලදී සිකුරාදා (16දා) පෙරවරුවේ පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මියගොස් ඇත්තේ කොළඹ 13, ජම්පටා වීදියේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි. පෞද්ගලික ආරවුලක් මත එම පුද්ගලයා සේවය කළ වෙළෙඳසලේ හිමිකරු විසින් පහරදීමෙන් අනතුරුව මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වෙළඳසැල් හිමිකරුවෙකි. වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.