පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට විවිධ අධ්‍යාපනික ස්ථාන නැරඹීමට පාසල් සිසුන් 35,000ක් පමණ පැමිණ ඇත.
අධ්‍යාපනික සලකුණු අතරට පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ජනාධිපති ලේකම් කාර්යාලය, වරාය නගරය, මහ බැංකුව, පාර්ලිමේන්තුව සහ නෙළුම් කුළුණ ඇතුළත් වේ.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මඟපෙන්වීම යටතේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක සම්බන්ධීකරණ කාර්යාලයේ මූලිකත්වයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, මෙම පෙර නොවූ විරූ වැඩසටහන දියත් කරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව සම්බන්ධ වූ සහයෝගී ප්‍රයත්නයක් විය.
මෙම අධ්‍යාපනික ක්ෂේත්‍ර චාරිකාව අතරතුර, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන ඉස්මතු කරන වාර්තා චිත්‍රපට සහ කෞතුක වස්තු නැරඹීමට සිසුන්ට හැකි විය. ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජාතික ආරක්ෂාව සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ සුවිශේෂී අවස්ථාව ද ඔවුන්ට හිමි විය.
කොළඹින් ඈත දුෂ්කර ප්‍රදේශවලින් ඇතුළුව දිවයින පුරා පාසල් 160කට අධික සිසුන් පිරිසක් මෙම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටින අතර, වැඩසටහන අඛණ්ඩව සිදුවෙමින් පවතී.
මීට අමතරව, ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සහ යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාර කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තුවේ සභා ගර්භ ශාලාවේදී පවත්වා ඇත. ඉලක්කය වන්නේ සිසුන්ට රාජ්‍ය පාලන පද්ධතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීමෙන් ඔවුන්ගේ නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමයි. පරිපාලනයේ තේමා සහ රජය තුළ භූමිකාවන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා දේශන පවත්වන ලදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැසිවාරය පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද සහභාගි විය. (පුවත්පත්)