බකමූණ අලි මරණය : පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි

බකමූණ ප්‍රදේශයේදී වන අලියෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ලංකාදීප පුවත්පතට අනුව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ කාර්යාලය පැවසුවේ වැඩ තහනමට ලක්වූ නිලධාරීන් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු බවයි.
සිද්ධිය වන අවස්ථාවේ මෙම පොලිස් නිලධාරීන් තිදෙනා බකමූණ පොලිස් ස්ථානයට අනුයුක්තව සිට ඇත.
පසුගිය සතියේ (අගෝස්තු 15) රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටියදී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අලියා වෙත වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් අනතුරුව වන අලියා තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. වන අලියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් විසින් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.