කඳාන ප්‍රදේශයේ වැලිගම්පිටිය හන්දියේදී යතුරුපැදියක් සහ ටිපර් රථයක් අතර අද පස්වරුවේ සිදුවූ අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ හිස්වැසුම් නොමැතිව පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
වැලිගම්පිටියේ සිට කොළඹ – මීගමුව මාර්ගය දෙසට ධාවනය වූ යතුරුපැදිය නතර කරන ලෙස පොලිසිය කළ අණ නොතකා වැලිගම්පිටිය හන්දියෙන් ප්‍රධාන මාර්ගයට පැමිණ තිබේ. එම අවස්ථාවේදී මීගමුව දෙස සිට ධාවනය වූ ටිපර් රථයක් යතුරුපැදියේ ගැටී ඇත.
පිටුපස බලපත්‍ර තහඩු අංකයක් නොමැතිව ගමන් ගත් යතුරුපැදියේ පසු ගිය අය අනතුරෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියේ පැදවූ වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය පරීක්ෂණ පවත්වයි. (පුවත්පත්)