ඉලංකෙයි තමිල් අරසු කච්චි සහාය කුමන අපේක්ෂකයෙකුටද ?

අපේක්ෂකයින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසු 2024 ජනාධිපතිවරණයේදී සහය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න ප්‍රකාශ කරන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි.
ITAK හි මධ්‍යම කාරක සභාව ඉරිදා (අගෝස්තු 18) වවුනියාවේදී රැස්වූ අතර, එහි සියලුම සාමාජිකයින් රැස්වීමට සහභාගී විය.
2024 ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහය ලබාදිය යුත්තේ කුමන අපේක්ෂකයෙකුටද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විවිධ අදහස් පළකිරීමත් සමඟ එම රැස්වීමේදී උණුසුම් තත්ත්වයක්ද වාර්තා විය.
කෙසේ වෙතත්, මාධ්‍ය අමතමින් ITAK සහ දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ අපේක්ෂකයින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හෙළිකිරීමෙන් පසු සහය දක්වන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කරන බවයි.
සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ ITAK ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනා සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සමඟ ද සාකච්ඡා කර ඇති බවයි.
“නාමල් රාජපක්ෂම කියලා තිබුණා එතුමාට ජයග්‍රහණය අවිනිශ්චිතයි කියලා. ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා තවමත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා නැත. ඒ නිසා අපි තීරණය කළා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළාට පස්සේ මැතිවරණයේදී සහයෝගය දෙන අපේක්ෂකයා කවුද කියලා අපි අවසන් තීරණයක් ගන්නවා” යැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය. (පුවත්පත්)

Related posts

විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ අන්තර්ජාල අවුල

2024/25 මහ කන්නය සඳහා වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය.

පාස්කු ඉරිදා විපතට පත්වූවන්ට මෛත්‍රී රුපියල් මිලියන 100ක වන්දිය සම්පූර්ණ කරයි