ක්ලබ් වසන්ත ඝාතනය : සැකකරුවන් 11ක් යළි රිමාන්ඩ්

පසුගිය ජූලි මාසයේදී අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 11 දෙනෙකු (11) තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 
කාන්තාවක් ඇතුළු පිරිස අද අධි ආරක්‍ෂාව යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. 
සැකකරුවන් සැප්තැම්බර් 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඝාතනය සම්බන්ධයෙන් ඉතිරි පරීක්ෂණ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට භාර දෙන ලෙස ද අධිකරණය පොලිසියට නියෝග කර තිබුණා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔවුන්ගේ ජීවිත තර්ජන සම්බන්ධයෙන් අධිකරණයට දන්වා තිබූ බැවින් ඔවුන්ගේ ආරක්ෂාවට අදාළ ආරක්ෂාව ලබාදෙන ලෙස ද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා බලධාරීන්ට නියෝග කර තිබෙනවා.
ජූලි 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මැදිරියක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් සිටි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයකු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත. (නිව්ස්වයර්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.