ජනාධිපතිවරණ ඡන්ද විමසීම : පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 35ක්.

සඳුදා පස්වරු 04.30න් අවසන් වූ පැය 24 තුළ ජාතික මැතිවරණ කොමිසමට පැමිණිලි 35ක් ලැබී තිබේ.
එම පැමිණිලි සියල්ල මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වූ ඒවා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර, 2024 ජූලි 31 සිට 2024 අගෝස්තු 19 දක්වා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති මැතිවරණයට අදාළ මුළු පැමිණිලි සංඛ්‍යාව 666 ක් වන අතර ඉන් 642 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙනි.
ඉන් පැමිණිලි 349ක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ජාතික මධ්‍යස්ථානය වෙත ලැබී ඇති අතර මැතිවරණ පැමිණිලි කළමනාකරන දිස්ත්‍රික් මධ්‍යස්ථාන වෙත 293ක් ලැබී ඇත.

මෙම කාලය තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් පමණක් වාර්තා වී ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරයි. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.