පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අනර්ථකාරී සහ අහිතකර තොරතුරු ප්‍රචාරය කළ සැකකරුවන් 4 දෙනෙකු අගෝස්තු 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
කොල්ලුපිටිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.
කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගේ චරිතයට සහ ඔහුගේ පවුලේ කීර්තිනාමයට හානි වන පරිදි ව්‍යාජ දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන සැකකරුවන් විසින් දැනුවත්ව ෆේස්බුක් හරහා ප්‍රචාරය කර ඇති බව මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.
එක් සැකකරුවෙකු කොටුව සහ කොල්ලුපිටිය පොලිසියේ විමර්ශනවලට බලපෑම් කිරීමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවද මෙම නඩු විභාගයේදී පොලිසිය අධිකරණයට දන්වා තිබුණි.
අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් එක් සැකකරුවෙකු හෙළිකර ඇත්තේ තමන් විසින් එම වීඩියෝ දර්ශන පළමු සැකකරුට විකුණා ඇති බවත්, දෙවන සහ සිව්වන සැකකරුවන් සමඟ එක්ව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාගේ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන් අගෝස්තු 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට අපහාස වන අයුරින් ප්‍රචාරය කළැයි 04ක් රිමාන්ඩ්
63
previous post