ළඟදීම තවත් සමගි ජන බලවේගයේ සාමාජිකයන් ජනපතිට – මනූෂ

සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු (04) හෝ පස් දෙනෙකු (05) ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
උත්සවයක් අමතමින් නානායක්කාර පැවසුවේ ඉදිරි මැතිවරණයේදී SJB සාමාජිකයින් දාහතරක් (14) දැනටමත් ජනාධිපතිවරයාට සහය ලබා දී ඇති බවයි.
SJB කඳවුරේ දැනට සමබර කණ්ඩායමක් සිටින බවත්, එම කරුණුවලට එකඟ වන සහ විරුද්ධ වන පිරිසගෙන් සමන්විත කණ්ඩායමක් සිටින බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
“විල්පත්තු රක්ෂිතය කපා දැමූ රිෂාඩ් බදියුදීන්ගේ සහ ඊට විරුද්ධ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහය දැන් SJB ට තිබෙනවා. බැඳුම්කර මගඩිය ගැන පොත් ලියූ සුජීව සේනසිංහ මෙන්ම එම මගඩිය දවල් මංකොල්ලයක් ලෙස හැඳින්වූ ඩලස් අලහප්පෙරුම ද පක්‍ෂයේ සිටිති. ඔට්ටු ඇල්ලීමෙන් ක්‍රිකට් විනාශ වෙනවා කියපු අර්ජුන රණතුංගත් ඉන්නවා, ඔට්ටු අල්ලන තිලංග සුමතිපාලත් ඉන්නවා. ඉංග්‍රීසි කතා කරලා ණය ගන්න එක විවේචනය කරපු චම්පික රණවකත් SJB පැත්තේ, ඉංග්‍රීසි කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාසත් ඉන්නවා” මනූෂ නානායක්කාර පැවසීය.
හිටපු අමාත්‍යවරයා කියා සිටියේ SJB හි තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු නුදුරේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ව්‍යාපාරය යටතේ ඉරිදා අලුත්ගමදී පැවැති තරුණ සමුළුව අමතමිනි. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්