ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමේ සහ ආර්ථික නිදහස ඇති කිරීමේ මෙහෙවරට එක්වන ලෙස විපක්ෂ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වෘත්තිකයන්ට සහ ව්‍යවසායකයින්ට ආරාධනා කරයි.
දූෂණයට වංචාවට ඉඩක් නොමැති බවත්, රජයේ දැඩි දූෂිත ගනුදෙනු සහ ප්‍රසම්පාදන ක්‍රම ප්‍රතික්ෂේප කරමින් ආර්ථික නිදහස ලබාගැනීම කෙරෙහි තම පාර්ශ්වය අවධානය යොමු කර ඇති බවත් සමගි ජන බලවේගයේ නායකයා පෙන්වා දුන්නේය.
ආර්ථීක ව්‍යසනයේ අගාධයකට වැටී ඇති රට ගොඩගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා ඇති හොඳම කණ්ඩායම තමා සතුව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
“රටක් ලෙස මානවවාදී ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය එකට ගෙන ඒමෙන් සහ අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථික වර්ධනයක් තුළින් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක සිට වේගවත් ආර්ථික වර්ධනයක් ඇති රටක් බවට පත් කරන්නෙමු,” ඔහු පැවසීය.
ප්‍රතිලාභවල සමානාත්මතාවය සහතික වන ආකාරයෙන් හවුල් ආර්ථිකයක් කරා තම කණ්ඩායම යොමු කරන බව සඳහන් කළ ඔහු, නව චින්තනය සමාජ සාධාරණත්වයෙන් සමන්විත නව මාවතක් නිර්මාණය කරන බව ද පැවසීය.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර පිළිබඳ වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ අනාගතවාදීන්ගේ හමුවක් අමතමිනි. (පුවත්පත්)