ශ්‍රී ලංකාව පුරා දැනට පවතින වැසි තත්ත්වය අද සිට අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී.30-40 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.
මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.30-40 පමණ වේ. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.55-60 දක්වා වැඩි විය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැක. (පුවත්පත්)