කෙහෙළියට ආයෙත් ඇප නෑ.

ප්‍රමිතියෙන් තොර Immune Globulin එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකු (03) තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් ලබන අගෝස්තු 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමිතියෙන් තොර Immune Globulin එන්නත් ආනයනය කළ බවට චෝදනා එල්ල වී මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාගේ සහය ඇතිව ව්‍යාජ ලේඛන සකස් කර ඖෂධ සමාගමක් විසින් ප්‍රමිතියෙන් තොර Immune Globulin එන්නත් කුප්පි 22,500ක් ආනයනය කර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

රුපියල් කෝටි 100ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එම ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 130ක් සිදුව තිබේ. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.