තේ වගාකරුවන්ට රසායනික පොහොර සඳහා සහන මිලක්.

තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගාකරුවන්ට සීමාසහිත රාජ්‍ය පොහොර සමාගම හරහා සහන මිලට රසායනික පොහොර ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය කාලය තුළ පොහොර මිල ඉහළ යාම සහ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වගා කටයුතු සඳහා පොහොර භාවිතය අඩුවීම තේ නිෂ්පාදනය පහත වැටීමට හේතු වී ඇති බව හඳුනාගෙන ඇති බව රජය පවසයි.

එබැවින් තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සඳහා තේ වගාකරුවන්ට සහන ලබාදීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතුව තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක රසායනික පොහොර මිටියක් රුපියල් 100 ක සහන මිලකට ලබාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. සීමාසහිත රාජ්‍ය පොහොර සමාගම හරහා තේ වගාකරුවන්ට රුපියල් 4000/= (Newswire)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.