පළාත් පාලන මැතිවරණය කල් දැමීම ගැන කණගාටු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2023 පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට උත්තරීතර මණ්ඩලය අද තීන්දු කළත් එය කල් දැමීම ගැන කනගාටු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවුවද ඒ සම්බන්ධයෙන් තමන් කණගාටු නොවන බවත්, ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමටත්, ඡන්දය ප්‍රකාශ කිරීමේ සහ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවී කටයුතු කළ නිසාත් තමා කණගාටු නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහරගම YSC ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණේ ජාතික සමුළුව අමතමිනි.
2023 පළාත් පාලන මැතිවරණය කල් දැමීම හරහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ අදහස් පළ විය.
කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික මැතිවරණ කොමිසමට නියෝග කළේය. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.