2024/25 මහ කන්නය සඳහා කුඹුරු වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කුඹුරු ඉඩම්වල වී සහ අනෙකුත් භෝග වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම තුළින් රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සහ ඵලදායිතාව ඉහළ නැංවීමට හැකියාවක් පවතින බව නිරීක්ෂණය වී ඇති බව රජය පවසනවා.
ඒ අනුව සීමාසහිත රාජ්‍ය පොහොර සමාගම සහ පෞද්ගලික අංශය විසින් 2024/25 මහ කන්නය සඳහා පොහොර ආනයනය කර තරඟකාරී මිලකට පොහොර අලෙවි කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඒ නිසා රුපියල් ලක්ෂයක මුල්‍ය සහනාධාරයක් යටතේ පොහොර ලබාදීමට නියමිතයි. වී සහ අනෙකුත් වගාවන් සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 කි. (පුවත්පත්)