තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගාකරුවන්ට සීමාසහිත රාජ්‍ය පොහොර සමාගම හරහා සහන මිලට රසායනික පොහොර ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පසුගිය කාලය තුළ පොහොර මිල ඉහළ යාම සහ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වගා කටයුතු සඳහා පොහොර භාවිතය අඩුවීම තේ නිෂ්පාදනය පහත වැටීමට හේතු වී ඇති බව හඳුනාගෙන ඇති බව රජය පවසයි.
එබැවින් තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සඳහා තේ වගාකරුවන්ට සහන ලබාදීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතුව තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක රසායනික පොහොර මිටියක් රුපියල් 100 ක සහන මිලකට ලබාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. සීමාසහිත රාජ්‍ය පොහොර සමාගම හරහා තේ වගාකරුවන්ට රුපියල් 4000/= (Newswire)