මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ වසරේ පෙබරවාරි මාසයේ වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරියකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අවශ්‍යව සිටි බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර පසුව පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
සැකකරු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවට ලද තොරතුරක් මත කටුනායක ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ අතර, සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. (පුවත්පත්)