ක්ලබ් වසන්ත ඝාතනය : සැකකරුවන් යළි රිමාන්ඩ්

මේ වසරේ ජූලි මාසයේදී අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය ජුලි මාසයේ අතුරුගිරියේ පච්ච මැදිරියක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් සිටි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයකු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි. වෙඩි තැබීමෙන් පසු පච්ච මැදිරියේ හිමිකරු ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එක් තුවක්කුකරුවෙකු අගෝස්තු 23 වන දින අත්අඩංගුවට ගත් අතර අනෙක් පුද්ගලයා අගෝස්තු 28 වන දින පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.වෙඩි තැබීමට සම්බන්ධ එක් තුවක්කුකරුවෙකුට සහ මෝටර් රථයේ රියදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් අගෝස්තු 29 වන දින හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගනු ලැබීය.
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.