ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කර තිබේ.
ඉදිරි මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව මුසම්මිල් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ප්‍රකාශ කර ඇත.
මුසම්මිල් මහතා පැවසුවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන අතරතුර තමන් වෘත්තීයභාවයෙන් සහ අවංකභාවයෙන් කටයුතු කළ බවත්, ධූරය දරමින් සිටින අතරතුර ඕනෑම අපේක්ෂකයෙකු ප්‍රසිද්ධියේ අනුමත කිරීමට තමාට අපහසු වූ බවත්ය.
ඇතැම් ආණ්ඩුකාරවරුන් ධූරයේ සිටියදීම ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් සක්‍රීයව ප්‍රචාරක කටයුතුවල නිරත වීම පිළිබඳව ද මුසම්මිල් මහතා සිය කණගාටුව ප්‍රකාශ කළේය.