ජනප්‍රිය ගායන ශිල්පී ‘අයියෝ සාමි’ ගීතය වෙනුවෙන් ශ්‍රී ලාංකික ගායිකා වින්ඩි ගුණතිලක ඉන්දීය සම්මානයෙන් පිදුම් ලබයි.

ශ්‍රී ලාංකේය ගායිකා වින්ඩි ගුණතිලක ඇයගේ ජනප්‍රිය ‘අයියෝ සාමි’ ගීතය සඳහා ඉන්දියාවේදී පිළිගැනීමක් ලබා ඇත.
පසුගියදා දකුණු ඉන්දියාවේ චෙන්නායි හි පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී වසරේ හොඳම සංවේදී ගීතය – 2023 සඳහා වන සම්මානය වින්ඩි ගුණතිලක දිනා ගත්තා.

වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ විසින් ගායනා කරන ලද මෙම ගීතය සිංහල සහ දෙමළ ගී පදවල සම්මිශ්‍රණයක් වන අතර එය ලියා ඇත්තේ ඉන්දීය දෙමළ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලාංකික ගීත රචකයෙකු වන ‘පොත්තුවිල් අස්මින්’ විසිනි.
සනුක වික්‍රමසිංහ සහ පොතුවිල් අස්මින් සමඟින් වින්ඩි ගුණතිලක සිය සම්මානය ලබා ගත්තේ ඉන්දීය රසික රසිකාවියන්ගේ අත්පොළසන් මැදය. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.