2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි.
ඒ අනුව හමුදා නිලධාරීන් සහ රජයේ සේවකයන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (සැප් 05) සහ හෙට (සැප් 06) සිදු කෙරේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් සේවකයින් සඳහා ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ ආරම්භ වුණා.
ප්‍රධාන කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූවන් සඳහා සැප්තැම්බර් 11 සහ 12 අමතර දින වෙන් කර ඇත.
2024 ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,321 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට නියමිත අතර අපේක්ෂකයින් 39 දෙනෙකු තරඟ කරයි. (පුවත්පත්)