29 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝග්‍රෑම් 1 කට අධික ප්‍රමාණයක් රටින් පිටතට රැගෙන යාමට තැත් කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) ආගමන පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රත්‍රන් තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 100 ක් පමණ වන බව වාර්තා වේ. මිලියන 30ක් ඔහුගේ කලිසම් සාක්කුවේ සඟවාගෙන ඇත. සැකකරු නිතර ගමන් ගන්නා අයෙකු වන අතර ඔහු සතුව තිබී කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 158 බැගින් බරැති රන් බිස්කට් 9ක් කුඩා රත්‍රං කැබලි 3ක් සමඟ සොයා ගෙන ඇත.
පිටත්වීමේ පර්යන්තයේ සිට ආගමන ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සහ අත්අඩංගුවට ගත් රත්‍රන් තොගය වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපළ රේගුව වෙත භාරදී තිබේ.