ගෝලීය ප්‍රමිතීන්ට සරිලන උසස් අධ්‍යාපනය සඳහා තරුණ තරුණියන්ට අවස්ථාව සලසන රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන්ම නව අධ්‍යාපන ආයතන රාශියක් ශ්‍රී ලංකාව තුළ ඉක්මනින්ම ආරම්භ වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී ටයිම්ස් උසස් අධ්‍යාපන පාසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“අපේ රට අපනයනය මූලික කරගත් ආර්ථිකයක් කරා ගමන් කරන අතර 21 වැනි සියවසේ මැද භාගය දෙස බලා සිටින විට නව දැනුම ලබාගැනීම ඉතා වැදගත් වේ. මේ වගේ තවත් ආයතන අපිට ඉදිරියේදී අවශ්‍ය වේවි. ටයිම්ස් ආයතනය ඩිජිටල් ඇකඩමියකින්ද සමන්විත වන අතර එමඟින් අපේ ජාතියේ තරුණ තරුණියන්ට විශාල ප්‍රතිලාභයක් ලැබෙනු ඇත.
තරුණ තරුණියන් 50,000ක් සඳහා පිළිගත් ආයතනවල වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා මුදල් වෙන් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.
සීමාසහිත Wijeya Newspapers හි අනුබද්ධිත Times Institute of Higher Education, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අධ්‍යාපනය ලබා දීම සඳහා පිහිටුවා ඇත.
විදේශ විශ්ව විද්‍යාල තුනක් සහ උසස් අධ්‍යාපන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන Times School of Higher Education, ප්‍රධාන සුදුසුකම් කාණ්ඩ තුනකින් සමන්විත විවිධ රැකියා ඉලක්ක කරගත් පාඨමාලා රාශියක් ඉදිරිපත් කරයි: සහතිකය, ඩිප්ලෝමාව සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා.
ආයතනය සිය ඩිජිටල් ඇකඩමිය හරහා වෘත්තීය කුසලතා සංවර්ධන වැඩසටහන් මෙන්ම උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් ද සපයයි.
සීමාසහිත විජය පුවත්පත් සමාගම විසින් පත් කරන ලද, ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත පංච පුද්ගල උපදේශක මණ්ඩලයක් විසින් ආයතනයේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරනු ඇත.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ටයිම්ස් පාසලේ අධ්යක්ෂ මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන ජනක රත්නකුමාර මහතා ඇතුළු එහි අධ්‍යයන කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය එක්ව සිටියහ. (පුවත්පත්)