1915 ජූනි 25 දින එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද යුධ අධිකරණයක් විසින් අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 7 වන දින ඝාතනය කරන ලද දියුනුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ට මරණින් පසු ජනාධිපති සමාව ප්‍රදානය කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ) සහ 34 වැනි ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී ඇති බලතල උපයෝගී කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමාව ප්‍රකාශයට පත් කළේ අසාධාරණ ලෙස කැරලිගැසීම් සහ රාජද්‍රෝහී චෝදනාවට ලක්වූ පේද්‍රිස්ට එල්ල වූ සාවද්‍ය මරණ දඬුවම නිවැරදි කිරීමටය.
පේද්‍රිස්ට සහ ඔහුගේ පවුලේ අයට යුක්තිය පසිඳලීම සඳහා 2023 දෙසැම්බර් මාසයේදී විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පේද්‍රිස්ට මරණ දඬුවම ලබාදීමේ තත්ත්වය සමාලෝචනය කර නිර්දේශ සහිත වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පත් කරන ලදී. (පුවත්පත්)