රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
මහව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය අද පෙරවරුවේ පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අනතුර හේතුවෙන් රාගම – මහබාගේ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි. (පුවත්පත්)