ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටු අතර එහිදී අගරදගුරු හිමිපාණන්ගේ ආශිර්වාද ලබා ගත්තේය.
කොළඹ අගරදගුරු මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි සංවාදයක ද නිරත විය.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ කැමැත්ත පිළිබිඹු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස තේරී පත්වීම පිළිබඳව සිය සුබ පැතුම් පළ කළහ.
අභියෝගාත්මක කාර්යයක් විය හැකි රට තුළ අවශ්‍ය වෙනස්කම් ඇති කිරීමේ සුවිශේෂී වගකීම ජනතාව විසින් නව ජනාධිපතිවරයා වෙත පවරා ඇති බව ඔහු පිළිගත්තේය. මෙම ප්‍රයත්නය සඳහා ජනාධිපතිතුමාගේ පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය ලබා දෙන බව කාදිනල්තුමා සහතික කළ අතර, දුප්පතුන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.
මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ගැඹුරින් සොයා බලා සත්‍ය හෙළි කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා තමාට සහතික වූ බවයි.
කොළඹ සහායක රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා, අතිඋතුම් ජේ ඩී ඇන්තනි පියතුමා, කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු ඇන්ටන් රංජිත් පියතුමා, ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා, ජෝසප් ඉන්දික පියතුමා, ගරු ජූඩ් සමන්ත ප්‍රනාන්දු පියතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හර්නාන්දු මහතා,
මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහ ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න ද එක්ව සිටියා.
මෙම සංචාරයෙන් අනතුරුව කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය වෙත ද ගිය ජනාධිපතිතුමා එහිදී ආගමික වතාවත්වලට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය. (PMD)