සෞදි රජු සහ ඔටුන්න හිමි කුමරු අනුර කුමාර දිසානායක වෙත සිය සුභාශිංසන

සෞදි අරාබියේ ප්‍රමුඛ පෙළේ නායකයින් ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑත මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුභාශිංසන පළ කර තිබේ.


සෞදි අරාබියේ විදේශ අමාත්‍යාංශය ‘X’ වෙත ප්‍රකාශ කළේ, ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකෙහි භාරකරු සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් රජු සහ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් පිරිනමා ඇති බවයි.


“ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ව්‍යවස්ථාපිත දිවුරුම් දීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු @ KingSalman සහ HRH ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සුබ පතනවා” යනුවෙන් සෞදි විදේශ අමාත්‍යාංශය පවසයි. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.