මහනුවර – ගලහ ප්‍රදේශයේදී වයස අවුරුදු එකහමාරක් වයසැති තම දරුවා ඝාතනය කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලහ පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව දරුවාගේ නාසය මිරිකා හුස්ම ගැනීම වළක්වාලමින් දරුවාගේ ගෙල සිර කර ඇති බව ය.
අත්අඩංගුවට ගත් කාන්තාව මහනුවර ගලහ 18 කණුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්.
මෙම කාන්තාව සිය දරුවා සමඟ ගලහ – කස්තුරිවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ ඇයගේ සැමියා නිවසින් බැහැරව සිට ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වන්නේ.
හදිසි කෝපයක් ඇති වීම හේතුවෙන් එම කාන්තාව නාසය මිරිකීමෙන් සහ මුඛය වසා දරුවාගේ හුස්ම ගැනීම අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ. (පුවත්පත්)