සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය සුබ පැතුම් එක් කළේය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතාවට ප්‍රශංසා කළ ජනාධිපති Biden සිය පණිවිඩයෙන් ජනාධිපති දිසානායක සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළ කළේය.