අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි .

2024 සැප්තැම්බර් 29 සඳහා කාලගුණ අනාවැකිය

2024 සැප්තැම්බර් 29 දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලදී

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැක.
දකුණු පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Related posts

කාලගුණය : ප්‍රදේශ කිහිපයක වැසි, තද සුළං

අයහපත් කාලගුණය : ජනපතිගෙන් අමාත්‍යාංශ දෙකකට උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමූ පාසල් පිළිබඳ යාවත්කාලීන කිරීම