පාලන තන්ත්‍රය වෙනස් වීමෙන් පසු පසුගියදා ආපසු භාර දුන් රාජ්‍ය වාහන වෙන් කිරීම පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලය විසින් අනාවරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, රාජ්‍ය ගොඩනැගිලි පරිශ්‍රයේ ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ආපසු පැමිණි වාහන පොලිස් ආරක්ෂාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත ගාල් කර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ පෞද්ගලික පත්වීම් ලබාදුන් නිලධාරීන් සඳහා මෙම වාහන 107 ලබාදී ඇති බවයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
ආපසු භාර දුන් රජයේ වාහන ප්‍රදර්ශනය කිරීම නව පාලනයේ අරමුණ නොවන බව සඳහන් කළ ජනාධිපති කාර්යාලය නව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම වාහන කඩිනමින් අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.
ජනාධිපති කාර්යාලයට අනුව, මීට පෙර වාහන භාර දී ඇති පුද්ගලයින්ගේ ලැයිස්තුව පහත පරිදි වේ.