ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්ත මහතා පවසන්නේ ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය මහජනතාවගේ ආරක්ෂාව සඳහා වූවක් බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්ත කියා සිටියේ එය ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල යටතේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියක් බවයි.
“හදිසි නීතියක් නැතත් මහජනතාවගේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙනවා. එය තනිකරම සෑම මසකම නිකුත් කෙරෙන සාමාන්‍ය ගැසට් පත්‍රයක්. කෙසේ වෙතත්, එය සමාජ මාධ්‍යවල ප්‍රචලිත වෙමින් පවතී,” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි සියලුම ආකාරයේ තර්ජන මේ වන විට හඳුනාගෙන ඇති බව පවසන සම්පත් තුයකොන්ත මහතා, මේ වන විට මහජනතාව සාම්ප්‍රදායික නොවන තර්ජන රැසකට මුහුණ දී සිටින බව පැවසීය.
“ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ සියලු තර්ජන මහජනතාවට අපහසුතාවයක් නොවන අයුරින් විසඳීමට අපි බලාපොරොත්තු වෙනවා,” ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්ත කියා සිටියේ ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීම තුළින් මෙම ගැටලුව විසඳීමට රජය අපේක්ෂා කරන බවත්, “තාක්‍ෂණය සහ පුහුණුව ඇතුළුව සියලුම දෙපාර්තමේන්තු තුළ ත්‍රිවිධ හමුදාව දියුණු කිරීමට අපි අදහස් කරනවා” යනුවෙනි. (පුවත්පත්)