කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට ගමන් කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.
දැනට ලෙබනනයේ සහ සිරියාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් අවධානයෙන් සිටින ලෙසත් අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා තිබේ.
එළිමහනේ ගමන් බිමන් සීමා කිරීම සහ බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ දමස්කස් හි ගරු කොන්සල්වරයා සමඟ නිරන්තර සන්නිවේදනය පවත්වා ගැනීම මෙයට ඇතුළත් වේ.
මෙම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට slemb.beiruit@mfa.gov.lk යන විද්‍යුත් තැපෑලෙන් හෝ පහත හදිසි ඇමතුම් අංක හරහා තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය සම්බන්ධ කර ගත හැක.
සනත් බාලසූරිය මහතා: +94 771102510
ප්රියංගි දිසානායක මෙනවිය: +94 718381581
ෆාඩ් හව්වා මහතා: +961 81485809
දමස්කස් හි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල්, Dr. Al Droubi: +963 944499666, +963 933858803 – විද්‍යුත් තැපෑල: mmd@aldroubi.com