හමුදා සෙබළුන් නිල්වලා ගඟේ සිටි පුද්ගලයෙකු බේරා ගනී.

මාතර නිල්වලා ගඟට පැන සියදිවි හානි කර ගැනීමට සිතා සිටි පුද්ගලයෙකු ගැමුණු හේවා රෙජිමේන්තුවේ යුධ හමුදා සාමාජිකයින් විසින් අද උදෑසන බේරාගෙන තිබෙනවා.

මාතර මහානාම පාලමෙන් බිමට පැන සිටි පුද්ගලයා යුධ හමුදා සෙබළුන් විසින් බේරාගෙන කඩිනමින් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පුද්ගලයා පාලමෙන් පැන ගඟට ගසාගෙන යන අයුරු පාලම අසල රැඳී සිටි යුද හමුදා සෙබළුන් දැක ඇති බවයි වාර්තා වන්නේ.
වහා ක්‍රියාත්මක වූ සෙබළුන් තම කඳවුර අසල තිබූ බෝට්ටුවක් යොදාගෙන මහත් පරිශ්‍රමයකින් පසු එම පුද්ගලයා බේරා ගත්හ.

ජීවිතය අවසන් කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයා වයස අවුරුදු 50 ත් 60 ත් අතර අයෙකු බවට හඳුනාගෙන ඇත. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.